info
දුවලා පුතාලා බෑණලා අම්මාව තනිකරපු වේලාවේ සිරිමාවෝ ශ්‍රේෂ්ඨ මාතාවගේ තනි රැක්කේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද ඇති අර්බුදයට වඩා සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසු ඇති වූ අර්බුදය විශාල බව හිටපු ජනාධිපති මෛත්රාල සිරිසේන පවසනවා. දුවලා පුතාලා බෑණලා සියලු දෙනාම එක් එක් පක්ෂ නිර්මාණය කරගෙන අම්මාව තනිකරපු මොහොතක ඒ ශ්‍රේෂ්ඨ මාතාවගේ තනි රැකීම් සඳහා අප සිටිය බවයි මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ. එමෙන්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් වූ දා පටන් කිසිදු වංචාවක් සිදු නොකර බවයි ඔහු පවසන්නේ. එසේ තමන් වංචාවක් සිදුකර ඇත්නම් ඕනෑම කෙනෙකුට එය හෙළි කරන ලෙස අභියෝග කරන බවයි ඔහු සඳහන් කළේ. සිරිමාවෝ බණ්ඩාරනායක 108 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මේ බව සඳහන් කළා. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රතිමාව දෙස බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට අපට වෙනත් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීමට හැකිද යන්නයි. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #mithripalasirisena
Duration: 0 sPosted : Wed, 17 Apr 2024 10:54:31Views
8.7KDaily-
Likes
92Daily-
Comments
4Daily-
Shares
0Daily-
ER
1.10%Daily-
Latest