බස්නාහිර සහ සබරගමුව පළාත්වලට හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (17) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේත් මෙලෙස වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මගින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #DepartmentofMeteorology #MannarDistrict #heavyrains