+ ඔයා කොයිතරම් ශක්තිමත් ද ? - මගේ මූණේ තියෙන හිනාව තරම් + ඒ කිව්වේ ? - සම්පූර්ණයෙන්ම ජීවිතේ බිඳිලා තිබුණත් මගේ මූණේ හිනාව ඉතුරුයි + ඉතින් ? - ඉතින් නැත්තටම නැති උනත් හිනාවෙන්න තරම් මං ශක්තිමත් + අඬලම නැද්ද ? - තනියම අඬලා තියෙනවා + ඇයි කාත් එක්කවත් වේදනාව බෙදානොගන්නේ - මගේ වේදනාවෙන් කොටසක්වත් දරාගන්න තරම් ශක්තිමත් මනුස්සයෙක් මට මුණ ගැහිලා නෑ + මුණගැහෙයි ද දවසක ? - ඔව් මට මුණගැහුනා එයාව! මං එයාගේ ලඟට වෙලා හැම වේදනාවක්ම නැතිවෙලා යනකල්ම මම අඬලා තියනවා .. + එයාට හිතෙන්න ඇති ඔයා දුර්වලයි කියලා ? - නෑ එයා තේරුම් ගත්තා මං දුර්වල එයා ලඟ විතරයි කියලා... + ඒක හොඳයි කියලා ඔයා හිතනවද ? - ඔව්! බය නැතුව අඬන්න පුළුවන් කියන්නේ එතන සැනසීම තියෙනවා කියන එකයි... ප.ලි. - සිනාවකින් සඟවන ලද වේදනාවන් දකින්නට හැකි අයෙකු, උපරිමෙන් දරාගන්නා සෑමහිතකටම හිමිවිය යුතුය...! -ඉතිං අවසන මා වාසනාවන්ත හිතක උරුමක්කාරියකී ❤️#hashyuki #hashyuki_status #hisfavorite #owenvoice_hashyuik #hash_dudu #hubby #fypシ゚viral