රතු වලලු සාවන් බාබු අලි පේරගහ යට හොඳටෝම නිදි.මහා කාන්සාවකින් ඔහුගේ ගෝර නද ගෙරවිලි සද්දේ තෙමහල් නිවහනේ ඇතුල් බිත්තිය කඩාගෙන යන තරම් සද්දේ. එපිට වීදියකින් වලලු විකුණන්නෙක් මහා හයියෙන් වලලු විකුණනවා. සාවන්ගේ ගොරවන සද්දය පරයා වලලු නද හඬ දෙනවා. දැවැන්ත දූවිල්ලක් වීදිය කඩාගෙන ඇවිත් කෝකිලා ඉන්න උඩුමහල් කාමරයේ කවුලු දොර ඇරිය. මේඝ වලා පාට්වුන අහස හුලගක් දිගේ ඇවිත් කෝකිලාට කතා කරනවා. කෝකිලා ඒ ජනෙල් දොර හොඳටම ඇරලා මුලින්ම බැලුවේ තද නිල් අහස දිහා.ඒ ලඟට බැලුවේ වලලු විකුණන්නා දිහා. "බාබුජී වලලු ගන්නවදෝ..." කෝකිලාගේ කම්මුල් රත් පැහැ වී පිරුණා. ඈ සාරි පොට කරට දමා පහල මාලෙන් වීදියට දිව්වා. අවපැහැ ගැන්වූ තාප්පයේ එපිටින් වලලු වෙලෙන්දා එබෙනවා. කෝකිලා බැලුවේ කුණු කෙල පෙරා නිදියන සාවන් දිහා.ඊලගට ඈ තදියමකින් ඔහුව කීද්දුවා.. "සාවන්....සාවන්..." සාවන්ගේ මලානික දෑස් යාන්තමට ඇරෙනවා ..වැහෙනවා. "සාවන්...!!!" "මොකද??!..! "අනේ වලලු අරන් දෙන්නකෝ..." "මට නිදිමතයි ගෑණියේ...නිදාගන්න දියන් මඟුල.." "අනේ සාවන්.." "කිව්වම අහපන්...." "අනේ......." ".....මේ මොන කරදරයක්ද?..ඕං ගනින්..." සාවන් නිදිමත විකාරේ වීසී කල කාසිය දූවිලි ගොඩේ වැටුනා. කෝකිලා එය පිසදා පොඩි කෙල්ලක වගේ දිව්වා. කීයද වලලු??? ඈ මහත් ආසාවකින් ඒ වලලු අතගෑවා.ඒවායේ පාටට රක්තවර්ණ දෙතොල් ඇසඟ අංජන දිදුලුනා. "මේ රතු පාට ඒවා නැද්ද..?." "නෑනේ...නෝනා මහත්මයා.." "හ්ම්ම්....එහෙනම් කහපාට ඒවා දෙන්න..." රතු පාට වලලුවල දිස්නය වැඩියි.ඒවායේ රස්නය හදවතට කාවැදිලා මහා සතුටක් ඇතිකරනවා. ඒ රක්ත වර්ණ වලලු වලින් දෙඅත සැරසිලා රතු කුංකුම ගැල්ලුවම මහා රාත්‍රියක සව් පුරකට ඇවිත් මුලු නුවරම බබලවන දෙවඟනක් වගේ කෝකිලාව පේනවා.එහෙම වෙලාවකට ඈ තම කොණ්ඩය කඩා දා රතු තොල් අතින් අනුරාගයෙන් පිස දානවා.චන්ද්‍ර කාන්තියකට බබලන රතු වලලු වල දිස්නයට අනුරාගී දෑස් තවත් රතු කරනවා.ඇගේ පිරුණු පයෝධර අනුරාගයම පිරිච්ච ඒවා වගේ.සිනිදු සේද සැරසිල්ලකින් ඒවා සංයමයෙන් වසා තිබ්බා.ඒත් කිසිම රෑක මේ රූමතියගේ අංගන විචිත්රත්වය සැමියා දැක්කේ නෑ.හැගීම් රහිත්තෙක් උනු සාවන් යහන එපිටට වී මහ හයියෙන් විරිත්තා සිනාසුනා..ඊලගට කට ඇද කර මෙහෙම කීවා. "කැත විතරක් බොගේ...මකාගනින් ඔය රතුපාට තොල්...බිලි දෙන රාත්‍රියකට අහසින් පනින ලේ පෙරාගත්ත යක්සනියක් වගේ .." සාවන්ගේ ගිනියම් වචන වලට කෝකිලාගේ හදවත පිච්චිලා අලුවෙලා යනවා.ඒ වගේ ච්ත්තවේගික රාත්‍රියක ඈ අහස දිහා බලාගෙන අඩනවා.මූණ පුරා අංජන දියාරු වෙලා තැවරිලා ශෝකයක කතාවක් ගෑනු හිතක පිරිලා තිබුනා.පහුවදා උදේට තඩිස්සි වුණු මූණ පිරියම් දාල ඔප දාලා ගන්නවා.ආයෙමත් ඒ නලලතේ රතු පාට සින්දූර් ගල්වනවා .ව්‍යාජ හැගීම් ගොන්නකට ඉඩදී ඈ දෙවියන් නමදිනවා. පෙර රාත්‍රියක හැඬූ කදුලු ඈ ගංගා ජලය වගේ වෙලා තුල්සි පැලයකට ඈ අතින් භක්තිමත්ව කඩා හැලුනා. "සාවන් .....හෙට සැණකෙළිය බහතූර් වීදියේ..." "ඉතින්...?.! "මා එක්ක යනවාද...අනේ බෑ කියන්න එපා..පෙර පෝය ගනනාවකට පස්සේ ගංගා ජලය බැස ගියාට පස්සේ මිනිස්සු හැමෝම සැණකෙළියට යනවා...දිවාලී චාරිත්‍රයකට වගේ හෝලි වර්ණ දවාලක් වගේ උන් උඩ පැන පැන සතුටු වෙනවා..අනේ...මටත් ආසයි...මාත් එක්ක යන්නකො...." සාවන්ගේ දෑස් කෝපයෙන් බැබැලුනා . ගොදුරු අල්ලන්න පනින පරපීඩකයෙක් වගේ ඔහු විලිස්සුවා. "....පෝය ඉවරවෙලා කන්න බොන්නේ බොගේ ඊරි මාංසෙද...මට රස්සාවක් තියෙනව...ඒක කරන්නේ බොගේ අඩු කුලේ හැත්ත ඇවිල්ලද?..." සාවන්ගේ හා කෝකිලාගේ පරස්පරය මහා පීඩාවක් සේ ඒ විසාල නිවහනේ ගැලී ගියා ඒවායේ බිත්ති කෝකිලාගේ හැඩුම් දිහා මලානිකව බලා හිටියා වගේ වැහැරී ගිහින්.ප්‍රේමය කවුලු දොරින් පිටවෙලා වගේ රසයක් නැති හුලඟක් හැමතිස්සෙම වගේ කෝකිලාගේ අස්පර්ශිත කොණ්ඩ කැරලි අතරේ ඒ අතට මේ අතට විහිදී ගියා. ගොඩක් හවසකට කෝකිලා ඒ විහිදෙන කොන්ඩෙ එක්ක ඉහල මාලේ කවුලුවෙන් එපිට වීදිය දිහා බලන් ඉන්නවා. ඉදහිට අත් අල්ලා යන තරුණ යුවලක් මහ හඩින් සිනාසෙමින් යනවා. මල් කරුවෙක්ගෙන් මල් ඉල්ලාගන්නා පෙම්වතෙක් පෙම්වතියකගේ කොන්ඩේ මලක් ගහනකොට ඒ මලක හුලග දිගේ ආපු කෝකිලාගේ සුසුමක් තැවරෙන්න ඇති. රසකැවිලි කරුවකුගෙන් ගත් රසකැවිල්ලක සුවඳ ඈ හිතින් ආග්‍රාණය කරනවා. ඔහොම රස ගනනාවක සිතුවිල්ලක ඉන්න කොට වැඩ කරන කෙල්ල මාලතී ආවා. "නෝනා....මේ පාර්සලය කවුදෝ දීලා ගියා.." "කවුද..?." "දන්නේ නෑ...නෝනගේ අතටම දෙන්න කීවා..." කුතුහලය මිශ්‍ර පාර්සලය!..ඈ හෙමින් අරිනවා.. "රක්ත වර්ණ වලලු...??!.....ඒත් මේ....කවුද එව්වේ....මොකටද...?!..." ඒකේ තිබ්බා ලියමනක්! සම්පුර්න කතාව බලන්න Niro Asalage Fb පිටුවට එන්න.. #ushanividanapathirana #fyp #trending #foryou