වැඩි පුරම දුක් උන දවස😔 මම දුර ගමනක් යද්දි පාරෙ අයිනෙ තියන පුංචි කඩේකින් නවත්තලා වටපිටාවෙ පරිසරය විදින ගමන් කෝපි එකක් බීලා යන්න හරිම ආසයි. ඉතින් අදත් මම මගේ පෞද්ගලික වැඩකට කුලියාපිටියෙ ගියපු වෙලාවෙ යන අතරමග පුන්චි කෝපි කඩේකින් නවත්තලා මගේ හැමදේටම මගේ ලග ඉන්න මිත්‍රයා "උදාර" එක්ක කෝපි එකක් බිබී ඉන්නකොට Prius කාර් එකකින් පුංචි family එකක් ආවා එතන හිටියේ අම්මයි තාත්තයි, එයාලගෙ පුතයි දුවයි . මම කවදාවත් මගේ ප්‍රේක්ෂකයෙක්ගෙන් බලාපොරොත්තු නොවුන හරිම සංවේදී දෙයක් එතනදි උනා. අවුරුදු 16ක් විතර වයස එයාගෙ දුව මගේ ලගට හයියෙන් දුවගෙන ඇවිල්ලා මාව බදාගත්ත පාරට මගේ කෝපි කෝප්පෙ හැලුනා මගේ යාලුවා ඒ ලමයව අයින් කරන්න හදදි මට දැනුනා එයා අඩනවා කියලා ඉතින් මම කෝපි කෝප්පෙ මගේ යාලුවගෙ අතට දීලා එයාව බදාගත්තා එතකොට ඒ ලමයා මගේ පපුවට හයියෙන් පාරවල් දෙකක් ගහලා තව හයියෙන් අඩන්න ගත්තා අඩන ගමන් කිව්වේ " අයියේ මම ඔයාට හුගක් ආදරෙයි කවදාවත් ඔයාව දකින්න වෙන්නෙ නෑ කියලා දුකක් තිබුනට හැමදාම රෑට ටීවි එකෙන් හරි ඔයාව දකින නිසා හිත හදා ගත්තා , ඔයා ඇයි දැන් නැත්තේ ඔයාලා ඇයි එහෙම කරේ ඇයි ලොක්කිගේ කතාව නැවැත්තුවෙ .දෙරණෙ යන කිසි කතාවක් ඔච්චර ඉක්මනට ඉවර වෙන්නෙ නෑ ඇයි මේක විතරක්.මම දැන් කොහොමද ඔයාව බලන්නෙ ඇයි ඔයාට ආදරේ කරන අයට එහෙම කරන්නෙ " ඒ වෙලාවෙ මම කිව්වා නංගි දැන් අඩන එක නවත්තගන්නකො කියලා.ඒ වෙලාවෙ එයාගෙ අම්මා ඇවිල්ලා එයාව ගන්න බැලුවත් එයා තදින්ම මාව අල්ලගෙන හිටියේ.ඉතින් ඔය වෙලාවෙ මම කිව්වා “අම්මා" එයාට ඔහොම ඉන්න දෙන්න කියලා. ඔය විදියට විනාඩි 5ක් විතර මාව හයියෙන් තදින්ම බදාගෙන හිටියා පස්සෙ මම ඒයාව අරගෙන කාර් එක ලගට ගෙනිච්චා. යන්න හිටපු වැඩේට පරක්කු වෙලා තිබුනත් මම එක පැත්තක තියලා එයාලා එක්ක විනාඩි 20ක් විතර කතා කර කර හිටියා ඒ කතා පරපු හැමදේකටම උත්තර දුන්නෙ වගේම මාත් එක්ක කතා කරේ එයාගෙ අම්මයි තාත්තයි අවුරුදු 8 ක් විතර වයස එයාගෙ පුන්චි මල්ලියි විතරයි .ඔහොම අඩ අඩ ඉදලා එක පාරට මගෙන් ප්‍රශ්නයක් ඇහුවා "ඇයි නාට්ටි වල ඉන්න හැම නලුවම ටීවි එකේ තව එක කතාවක හරි ඉන්නවා ඔයා විතරක් ඇයි "ලොක්කිගේ කතාවෙන්" පස්සෙ කොහෙවත් පේන්න නැත්තේ අනිත් හැමෝටම පුලුවන්නම් ඇයි ඔයාට බැරි" ඒකත් ඇහුවෙ මාව වැරදිකාරයා ගානට දාලා හරිම කේන්තියකින් ඒ වෙලාවෙ මට දරාගන්න බැරි දුකක් වගේම සතුටකුත් ආවා මගේ ඇස් වලට කදුලු ආවෙ දුකටද ? සතුටටද කියලා මට තේරුනේ නෑ . මට සතුටු හිතුනා : ඉස්සර මට මම විතරක් උනාට දැන් මන් නැතිව පාලු වෙන්න තරම් ඒ නංගි වගේම තවත් ලොකු පිරිසක් මන් වෙනුවෙන් බලන් ඉන්නවා නේද කියලා, මම ඒ හැමෝටම අද ඉදන් නමක් දානවා ඒ මගේ "පවුල" ♥️ දැන් මම කියන්නම් මට දුක හිතුන හේතුව : මට පුන්චි කාලෙ ඉදන් ආසවක් තිබුනේ ලංකාවෙ සිනමාවෙ තරුවක් වෙන්න ඒක මට අවුරුදු 5 ක වයසෙ ඉදන් තිබුන මගේ ලෝකෙ එකම හීනය සහ එකම බලාපොරොත්තුව, ටික ටික ලොකු වෙද්දි හිතුනා දැන් ලෝකෙ ඉස්සර වගේ නෙමෙයි ගෝලීයකරණය වෙලා තියෙන්නේ , ලෝකෙට වැඩ පෙන්නන්න හරි ලේසියි, ඒ නිසා මම මගේ දක්ශතාවයන් හදාගත්තොත් මට මැරෙන්න කලින් ලෝකෙටම මාව අවශ්‍ය සිනමා නලුවෙක් වෙන්න පුලුවන් කියලා , ඉතින් මම ඒකට හුගක් මහන්සි උනා වගේම තාමත් මහන්සි වෙනවා !! මම මේක කියද්දි "සිනමා" කියන වචනෙ හැමතිස්සෙම highlight කරන්නෙ මට ඇත්තටම පුංචි තිරයේ නලුවෙක් වෙන්න ඕනෙ කියලා කවදාවත් ආසාවක් තිබුනෙ නැති නිසා . මට ඕන උනේ අඩි 60ක 70ක සිනමා තිරයේ වීරයෙක් වගේ රගපාන්න . ඒ උනත් සිනමාවට එන්නනම් ඒකට තියන එකම අඩිතාලම පුන්චි තිරය කියලා මට තේරුනේ මම 9 ය වසරෙදි විතර ඔන්න ඉතින් හැමදේම අත ඇරලා තිර පරීක්ශන සෑහෙන්න ප්‍රමාණයකට ගියේ ගෙදරටත් හොරෙන් TV එකට කොහොම හරි මූන දාගන්නවා මුලින්ම කියලා හිතාගෙන . වසර 8 කට විතර පස්සෙ තමා TV දෙරන සභාපති තුමා "ලක්සිරි සර්" මට ලොක්කිගේ කතාවෙ ප්‍රධාන චරිතෙ දුන්නේ එදා මන් හිතා ගත්තෙ එක දෙයයි. මේක මගේ අන්තිම ටෙලිනාටය වෙන්න ඕනේ මම මේකේ මගේ උපරිම වැඩ පෙන්නලා කොහොමහරි සිනමාවට එනවා කියලා . නලුවෙක්ගෙ ජීවිතේ තමන්ගෙ ප්‍රතම "ප්‍රධාන චරිතය" නිරූපණය කරන සිනමා පටය කියලා කියන්නේ ඒක ඒ නලුවට මහමෙරක්. ඒකත් වානිජමය මට්ටමේ සිනමා පටයක් කියන්නෙ මට මන් ගැන ආඩම්බර වෙන්න පුලුවන් ලොකුම දේ ඒක♥️ ඒ තමා තිරගතවීමට නියමිත "රෝස ආදරේ" චිත්‍රපටය මම හිතුවෙ ඒකෙන් පස්සෙ මගේ සිනමා ජීවිතය පටන් ගන්න, ඒත් මට දැන් හිතෙනවා සමහර වෙලාවට මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පුන්චි තිරයෙ රැදෙන්න , දැන් මම ඒක තීරනය කරන්න ඔයාලට බාර දෙනවා !! මම මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සමාව ඉල්ලනවා මට මේ දේ කලින් තේරිලා තිබුනෙ නෑ , ඒත් දැන් මට හිතෙනවා මම සදාචාරාත්මක නැද්ද කියලත් ඒක ඔයාලම මට කියලා දෙන්න !! 🙏 පොරොන්දු වෙනවා "රෝස ආදරේ" චිත්‍රපටය ඔයාලගෙ ගමට ඇවිල්ලම ඔයාලා එක්කම බලන්න ♥️ මම මේ කතාව ඔයාලට කියලා ඒයා වෙනුවෙන් ප්‍රසිද්දියේ සමාව ඉල්ලන්න හිතූවා!🙏